නිසර්ගය
විරහවට ලියූ කවි
Tuesday, July 18, 2017
Tuesday, May 16, 2017
Monday, March 6, 2017
අතීතය
වෙන්ව ගිය මුත් අතීතයෙ අප
පුරුදු මතකය යලිත් එන්නැති
නුඹත් සමගින් අාව ගිය තැන්
යලි යලිත් මට මතක් වෙන්නැති
නික්ම ගිය නුඹෙ හිඩැස පිරුමට
සමත් කිසිවෙක් මෙලාෙව නම් නැති
පුරුදු අැමතුම් නැතත් පණිවුඩ
පෙර නුඹේ පණිවුඩ දැනුත් අැති
සිහින පැතුමන් විසිර ගියමුත්
හිතේ හැම තැන නුඹ ලැගුම් ගති
මගේ දුක දැන් දන්නෙ කඳුලය
නුඹත් ඒ ගැන දන්නැතිව අැති
මතක දිය කර මධුවිතෙහි නුඹ
මගේ මතකය දිය කරනු බැරි
මතු දිනක මම දීග ගියවද
මගේ හිත කිසිදා හදනු බැරි
Tuesday, February 21, 2017
නොඅාවෙකු විලස
ජීවිතේ එක් වරක්
වැරදුනා හොඳ හැටි
මා ගියා නුඹ දමා
නොඅාවකු විලසකින්
පෙර එදා කී කතා
තවම මතකයි මෙදා
තුන් හිතේ කොනකවත්
තරහවක් නෑ සදා
යලිදු අප හමුවේවි
මතු දිනක මුණගැහෙවි
පෙර සිනා නුඹ මුවේ
නොසඟවන් මා වෙතින්
Sunday, February 12, 2017
Subscribe to:
Posts (Atom)