වෙන්ව ගිය මුත් අතීතයෙ අප
පුරුදු මතකය යලිත් එන්නැති
නුඹත් සමගින් අාව ගිය තැන්
යලි යලිත් මට මතක් වෙන්නැති
නික්ම ගිය නුඹෙ හිඩැස පිරුමට
සමත් කිසිවෙක් මෙලාෙව නම් නැති
පුරුදු අැමතුම් නැතත් පණිවුඩ
පෙර නුඹේ පණිවුඩ දැනුත් අැති
සිහින පැතුමන් විසිර ගියමුත්
හිතේ හැම තැන නුඹ ලැගුම් ගති
මගේ දුක දැන් දන්නෙ කඳුලය
නුඹත් ඒ ගැන දන්නැතිව අැති
මතක දිය කර මධුවිතෙහි නුඹ
මගේ මතකය දිය කරනු බැරි
මතු දිනක මම දීග ගියවද
මගේ හිත කිසිදා හදනු බැරි